#THE_BEST_RENT_A_CAR_IN_UVA - #UVA_APE_CABS
Loading...

RENT AGREEMENT


ලියාපදිංචි අංක() දරන රථයට අදාළ කුලිය ගිවිසුම් පත්‍රයයි.
මින් ඉදිරියට “UVA APE CABS”ආයතනය මෙම ගිවිසුමේ අප ආයතනය හෝ මෙම ආයතනය ලෙස සදහන් කර ඇති බැව් කරුණාවෙන් සලකන්න.
 
1.පොදු කොන්දේසි,නියමයන් සහ කැමැත්ත ලබාගැනීම.
 
1.1.අප ආයතනය ඔබ වෙත ලබාදෙන ලියාපදිංචි අංක:                  දරණ අදාළ කුලී රථය  සඳහා  මෝටර් රථය/වෑන් රථය/ලොරි රථය අප ආයතනය දිනපතා/සතිපතා/මාසික ගෙවීම් ආකාරයට කුලී පදනම මත ඔබ වෙත මෙම ගිවිසුම මගින් ලබාදෙනු ලැබේ.
 
1.2.         /     /      දින සිට        /     /     දක්වා.මෙම රථය අප ආයතනයෙන් කුලියට ලබාගත්                                                                යන නම් සදහන් අයගෙන් මෙම ගිවිසුම් ප්‍රකාරව සහ පුර්ණ කැමැත්ත ඇතිව මෙම රථය අප ආයතනය ඉහත නම් සදහන් අය වෙත කුලී පදනම මත ලබාදෙන ලදී.
 
1.3.ඉහත ලියාපදිංචි අංක දරණ අදාළ මෝටර් රථය/වෑන් රථය/ලොරි රථය අප ආයතනය වෙත දිනපතා/සතිපතා/මාසික ගෙවීම් ආකාරයට කුලී පදනම මත ලබාදී ඇති අතර එබැව් ඔබ මෙම ගිවිසුමට අත්සන් කිරීම මගින් තහවුරු වේ.
 
2.ගිවිසුමේ වලංගුභාවය,ගිවිසුම අවසන් කිරීම,ගිවිසුම වෙනස් කිරීම පිළිබද එකගතාවන් පිලිබදව
 
2.1.ගිවිසුමේ වලංගුභාවය 
ගිවිසුම්ගත දිනයේ සිට දින     ක් මෙම ගිවිසුම වලංගු වන අතර එම දින   ක කාලය නිමවීමෙන් පසු ඉදිරියට ගිවිසුම් ගතවනවාද නැතිද යන්න පිළිබද දෙපාර්ශවය එකගතාවයකට පැමිණිය යුතුය.
 
2.2.ගිවිසුම අවසන් කිරීම
මෙම ගිවිසුම අවසන් කිරීමට අවශ්‍ය වුවහොත් එබැව් රථය ලබාගත් අය විසින් අප වෙත ඉල්ලීම් ලිපියක් මගින් ඉදිරිපත් කල යුතුය.අප එ පිලිබද වැඩකරන පැය 01ක් ඇතුලත සලකාබලා ඔබට දැනුම්දීමක් සිදුකරනු ලබයි. ඔබගේ භාවිතය අසතුටුදායක නම් හෝ මෙම කොන්තරාත් ගිවිසුම කලින් අවසන් කිරිමට අවශ්‍ය නම් පැය 02 කටපෙර දැනුම් දීමකින් ගිවිසුම අවසන් කිරීෙම් බලය අප ආයතනය මෙයින් බලය ලබාගනී.
 
3.රථය අප ආයතනය වෙත ලබාදීම,ගෙවීම් සිදුකරන ආකාරය
 
3.1.රථය අප ආයතනය වෙත ලබාදීම
ගිවිසුම අවසන් වන අවස්ථාවේ ඔබ අපගෙන් කුලියට ලබාගත් රථය අප ආයතනය වෙත ලැබිය යුතු ඉතිරි මුදලත් සමග ලබාදිය යුතුය.
 
3.2රථයේ තත්ත්ව සහතිකය
ඔබ රථය ලබාගන්නා අවස්ථාවේදී අප ඔබට රථය ලබාදෙන අවස්ථාවේ රථයේ සිරීම්,පලදුවීම් පිලිබදව දැනුවත් කරනු ලබන අතර ඔබ ලබාගන්නා රථයේ චයරුප එම අවස්ථාවේම මුද්‍රිතව ඔබ වෙත පෙන්වනු ලබයි.
ඔබගේ රථය අප වෙත ලබාදෙන අවස්ථාවේ තිබෙනා තත්ත්වය සහතික කරගැනීම සදහා එම චයරුප වලට ඔබගේ අත්සන් ලබාගනු ඇත.
 
3.3ඔබගේ ගෙවීම් සිදුකල යුතු ආකාරය
ඉහත ලියාපදිංචි අංක දරණ අදාළ මෝටර් රථය/වෑන් රථය/ලොරි රථය අප ආයතනය දිනපතා/සතිපතා/මාසික ගෙවීම් ක්‍රමය යටතේ අප ආයතනය ඔබ සමග මෙමගින් ගිවිසුම් ගතවන අතර ඉදිරි ගෙවීම් පිලිබදව මෙම ගිවිසුමේ ඉදිරියට විස්තරාත්මකව සදහන් කොට ඇත.
 
4.අප ආයතනය යටතේ තිබියදී සිදුවන අනතුරු පිලිබදව සහ නැවත රථය අළුත්වැඩියාව පිළිබද නියමයන් සහ කොන්දේසි
 
4.1.අනතුරට පත් වූ විට
ඔබ අප ආයතයෙන් ලබාගත් රථය යම් අවස්ථාවක ඔබ අතින් අනතුරකට පත් වුවහොත් එහි වගකීම සම්පුර්ණයෙන්ම ඔබ බාර ගතයුතු අතර අනතුර සිදුවී පැය 1 ඇතුළත ඔබ අපවෙත අනිවාර්යෙන් දැනුම් දිය යුතුය.
 
4.2.රක්ෂණාවරණය
රථය අනතුරට පත් අවස්ථාවේ අප රක්ෂණ සමාගම වෙතද දැනුම් දෙනු ලබන අතර එහිදී රක්ෂණ සමාගම මගින් වන්දි මුදලක් ඔබ ලබාගත් රථයට ලබාදීමට එකගවුවහොත් එම රක්ෂණ මුදල ඔබගේ රථය අළුත්වැඩියා කරන අවස්ථාවේ ඔබගෙන් අපවෙත ලබාගැනීමේ බලය මෙම ගිවිසුම මගින් අප ලබාගනී.එම මුදල අප වෙත ගෙවීම් කර එම මුදලට අදාළ රිසිට් පතක් ඔබ අප ආයතනයෙන් ලබාගත යුතුය.
 
4.3.අළුත් වැඩියාව සහ වන්දි මුදල්
ඔබ අපගේ රථය නැවත අළුත්වැඩියා කොට පෙර තිබු තත්ත්වයට ඔබ ලබාගත් රථය අප වෙත නැවත ලබාදීම අනිවාර්ය වේ.
ඔබ අපගේ රථය අළුත්වැඩියාව සදහා යන කාලය දින 01කට වඩා වැඩි නම් ඒ සදහා වන්දි මුදලක්ද,දින 30 කට වඩා වැඩිනම් වන්දි මුදලක් සහ අදාළ මස ලිසිං වාරිකය අප වෙත නොමිළයේ ලබාදිය යුතු බව ඔබට මෙම ගිවිසුම මගින් දැනුම්දේ.
 
4.4.අනතුරු වගකීමෙන් බැහැර වීම
මෙම රථය ඔබ අතින් අනතුරට පත් වුවහොත් එහි කිසිදු වගකීමක් අප ආයතනය භාර නොගනී.
 
5.රථයේ ඇතිවන තාක්ෂණික ගැටළු,ඉන්දන,සේවා වාර,ටයර්,සහ ගෙවෙනා අනෙකුත් උපාංග සදහා වන කොන්දේසි සහ නියමයන්
 
 මෙම රථය අප ආයතනය වෙත ලබාගත් අවස්ථාවේ සිට; ඉන්ධන වියදම් සහ රියැදුරු සඳහා වන ගෙවීම් හැර මෙම ගිවිසුම වලංගු වන කාල සීමාව තුළ දී  ලිහිසි තෙල්, වාහන අමතර කොටස් හා ටයර් ආදී වෙනත් අතිරේක වියදම්(ගෙවෙනා අනෙකුත් උපාංග සදහා) (ඉන්ධන වියදම් සහ රියැදුරු සඳහා වන ගෙවීම් හැර සියළු අතිරේක වියදම්) අප ආයතනය දරණු ලබයි.
 
 
5.1.ඉන්දන
අප ඔබ වෙත රථය ලබාදෙන අවස්ථාවේ රථයෙහි ඉන්දන සම්පුර්ණ කර/තෙල් කටු (   ) සහිතව ලබාදී ඇති බවට අපගෙන් රථය ලබාගන්නා අවස්ථාවේ ඔබ පරික්ෂා කර බලා මෙම ගිවිසුමට අත්සන් කල යුතුය. ඔබ නැවත අප රථය ඔබවෙත් ලබාදෙන අවස්ථාවේ රථයේ තිබු ඉහත සදහන් ප්‍රමාණයට තෙල් පුරවා ලබාදිය යුතු අතර එසේ කිරීමට ඔබ අපොහොසත් වන අවස්ථාවන්හිදී අප රථයෙහි ඉන්දන සම්පුර්ණ කොට එම මුදල ඔබගේ බිල්පතට එකතු කරනු ඇත.
 
 
5.2.රථයේ ගමන් කල හැකි මගින් ගණන
වෑන් රථ වායු සමනය (AC)/ ද්විත්ව වායු සමනය කල හෝ නොකළ (Dual AC) රථයක ආසන ගණනට මගින් ගමන් කල හැකිය.
විය යුතු ය. අනෙකුත් රථ, ආසන 04කින් සමන්විත විය යුතුය.
 
 
6.ගිවිසුමේ ප්‍රධාන කොන්දේසි
1.අප ඔබවෙත ලබාදෙන රථය කිසිම අවස්ථාවක අප ආයතයට නොදන්වා තෙවන පාර්ශවයක් වෙත ලබා නොදිය යුතුය.
2.ඔබට රථය ලබාදුන් පසුව කිසියම් අවස්ථාවක නීති විරෝදී කටයුත්තක් සදහා ඔබ යොදාගෙන තිබුණහොත් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ඔබ ලබාගන්නා රථයට යම් පොලිසියකින් හෝ උසාවියකින් ගතහොත් එම කාලයට අදාල ගෙවීම් සහ අප ආයතනය වෙත සිදුවන පාඩුව වෙනුවෙන් දඩ මුදලක් ගෙවීමට පහත අත්සන ලබාදීම මගින් ඔබ කැමති විය යුතුය.
3.ඔබ අපවෙත රථය ලබාදෙන අවස්ථාවේදී අප වෙත අය විය යුතු හිගමුදල සහ නියමිත තෙල් ප්‍රමාණය පුරවා ලබාදිය යුතුය.එසේ සිදුකිරීමට ඔබ අපොහොසත් වන්නේනම් එබැව් අප ආයතයට දැනුම්දීම අනිවාර්ය වේ.එසේ නොවන ඕනෑම අවස්ථාවක ඔබට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලය ඔබගෙන් අප ආයතනය ලබාගනී.
4.ඔබ අපගෙන් රථය ලබාගන්නා අවස්ථාවේ රුපියල් 5000.00ක මුදලක් අනිවාර්යෙන් නැවත ගෙවීමේ පදනම මත අපවෙත ගෙවා බිල්පතක් ලබාගත යුතුය.
5.ඔබ අපගේ රථය ලබාගැනීමේදී නැවත ඔබ අපවෙත රථය ලබාදෙන දිනය නිවැරදිව සදහන් කල යුතු අතර යම් අවස්ථාවක ඔබ අපගේ රථය නියමිත දිනට පෙර ලබාදෙන්නේ නම් දඩ මුදලක් ඔබගෙන් අය කර ගැනීමට බලය මෙමගින් ඔබගෙන් ලබාගැනේ.
6.මෙම ගිවිසුමට අත්සන් කිරීම මගින් ඔබ මෙම ගිවිසුමේ ඇති සියලු නීති රීති සහ කොන්දේසි වලට යටත් වන බැව් තරයේ සිහි තබාගන්න.
7.ඔබවෙත අප රථය ලබාදීමේදී රථයේ ධාවනය කර ඇති දුර ප්‍රමාණය සදහන් මීටරය පරික්ෂා කර බලා අප ඔබ වෙත රථය ලබාගන්න අවස්ථාවේදී ඔබ වෙත ලබාදෙන රිසිට් පතේ සදහන් කර අත්සන් කල යුතුය.
8.ගෙවීම් පිලිබදව 
6.8.1.ඔබ බැංකුව මගින් ගෙවීම් සිදුකරන්නේ නම් බැංකු රිසිට් පත ප්‍රවේසම් කර ඔබ තබාගත යුතු අතර ගෙවීම් කල පසු එබැව් අප වෙත දැනුම් දිය යුතුය.
6.8.2.ඔබ අප ආයතයට,කාර්යාලයට හෝ අප ශාකාවකට පැමිණ ගෙවීම් කරනවා නම් ගෙවිමට අදාළ රිසිට් පතක් අනිවාර්යෙන් ලබාගත යුතුය.පසුව කරනු ලබන පැමිණිලි සදහා අප වගකියනු නොලැබේ.
 
7.දිනපතා ගෙවීම් කරන ආකාරයට ඔබ මෙම රථය අප ආයතනය වෙත ලබාදෙන්නේ නම් පහත කොන්දේසි,නියමයන් සහ මුදල් ඔබවෙත ලබාදෙන ආකාරයන්ට ඔබ එකග විය යුතුය.
 
7.1.දිනය/ගෙවීම්
සෑම දිනකම අප රථය ඔබ වෙත ලබාදෙන අවස්ථාවේ සිට පැය 24 ක කාලයක් එක් දිනයක් ලෙස සලකනු ලැබේ.
එම සෑම එක් දිනක් සදහම(පැය24 කාලයකට) ඔබ තෝරාගන්නා රථය අනුව අය කරගනු ලබන මුදල වෙනස් වේ.
ඔබ ලබාගන්නා රථයට අදාළ අය කිරීම් සම්බන්ධව මෙම ගිවිසුමේ ඉදිරියේ සදහන් වෙනම කොලයක් ඇත.
 
7.2.දින කිහිපයක් සදහා ඇනවුමක් ගෙවීමේදී
එකවර දින කිහිපයක් සදහා ඔබ රථය ඇනවුම් කළහොත් එම ඇනවුම් කල දින ගණනට අදාළ මුදලින් කොටසක් ඔබ අපගේ රථය අපගෙන් ලබාගන්නා අවස්ථාවේ අපවෙත ගෙවිය යුතුය.ඇනවුම අවසාන දිනයට අපවෙත ඔබ රථය ලබාදී එම ඇනවුම සම්පුර්ණයෙන් අවසන් කල පසු අපවෙත ඔබගේ ගෙවීම් සම්පුර්ණ කල යුතුය.
 
7.3.එක් දිනක් සදහා ඇනවුමක් ගෙවීමේදී
එක් දිනක් සදහා ඔබ රථය කුලියට ගතහොත් ඔබ අපගෙන් ලබාගන්නා රථයට එදිනට අදාල මුදල රථය ඔබ වෙත ලබාදෙන අවස්ථාවේදී  අපගේ බැංකු ගිණුමට හෝ අපගේ ආයතනය වෙත ගෙවිය යුතුය.
 
8.මාසික ගෙවීම් කරන ආකාරයට ඔබ මෙම රථය අප ආයතනය වෙත ලබාදෙන්නේ නම් පහත කොන්දේසි,නියමයන් සහ මුදල් ඔබවෙත ලබාදෙන ආකාරයන්ට ඔබ එකග විය යුතුය.
 
8.1.මාසික/ගෙවීම්
සෑම දිනකම ඔබවෙත රථය අප ආයතනය මගින් ලබාදෙන අවස්ථාවේ සිට දින 30 ක කාලයක් එක්මසක් ලෙස සලකනු ලැබේ.
එම සෑම දින 30 (මාස01)කාලයකට ඔබ අපගෙන් ලබාගන්නා රථය අනුව ගෙවිය යුතු මුදල වෙනස් වේ.
ඔබගේ රථයට අදාළ ගෙවීම සම්බන්ධව මෙම ගිවිසුමේ ඉදිරියේ සදහන් වෙනම කොලයක් ඇත.
 
 
වන මා ඉහත ගිවිසුම හොදින් කියවා හොදින් තේරුම් ගත් අතර ඉහත කොන්දේසි සහ නියමයන්ට යටත්ව මා  මාගේ රථය ආයතනය වෙත ලබාදෙන බව මෙයින් සදහන් කරමි.
 
 
 
 
 
 
 
 
අත්සන(1)(රථ කුලියට ලබාගන්නා පාර්ශවය)
 
 
අත්සන(2)(සාක්ෂි)
 
 
 
අත්සන(3) (ආයතනයේ බලලත් නිලධාරී)

THE BEST NO.#01 IN UVA - UVA APE CABS-UVA
 
 
 
Important Information:
 
 
For information purposes only, to improve your experience on our website. We have tried our utmost to ensure everything is correct.If you need any of our specific information, please contact our friendly customer service team.
 
 
 
 
 
වැදගත් තොරතුරු:
 
අපගේ වෙබ් අඩවියේ ඔබේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා තොරතුරු අරමුණු සඳහා පමණි. සෑම දෙයක්ම නිවැරදිව තහවුරු කිරීම සඳහා අපි අපගේ උපරිම උත්සාහය දරා ඇත. අපගේ විශේෂිත තොරතුරු කිසිවක් අවශ්ය නම් කරුණාකර අපගේ මිත්‍රශීලි පාරිභෝගික සේවා කණ්ඩායම අමතන්න



 

Dikarawa,Badulla Road,Bandarawela
0779441209