#THE_BEST_RENT_A_CAR_IN_UVA - #UVA_APE_CABS
Loading...

REGISTRATION AGREEMENT


ලියාපදිංචි අංක() දරන රථයට අදාළ ගිවිසුම් පත්‍රයයි.
මින් ඉදිරියට “UVA APE CABS”ආයතනය මෙම ගිවිසුමේ අප ආයතනය හෝ මෙම ආයතනය ලෙස සදහන් කර ඇති බැව් කරුණාවෙන් සලකන්න.
 

1.පොදු කොන්දේසි,නියමයන් සහ කැමැත්ත ලබාගැනීම.
 
1.1.අප ආයතනයෙහි කුලී රථ සේවා සැපයීම් කටයුතු සිදු කිරීම සඳහා ලියාපදිංචි අංක:                  දරණ අදාළ මෝටර් රථය/වෑන් රථය/ලොරි රථය අප ආයතනය දිනපතා/සතිපතා/මාසික ගෙවීම් ආකාරයට කුලී පදනම මත මෙම ගිවිසුම මගින් ලබාගනු ඇත.
 
1.2.         /     /      දින සිට        /     /     දක්වා.අප ආයතනය එහි ලියාපදිංචි හිමිකරු/ඇටෝනි බලපත්‍ර හිමිකරු වන                                                                යන නම් සදහන් අයගෙන් මෙම ගිවිසුම් ප්‍රකාරව සහ පුර්ණ කැමැත්ත ඇතිව මෙම රථය අප ආයතනය කුලී පදනම මත ලබාගන්නා ලදී.
 
1.3.ඉහත ලියාපදිංචි අංක දරණ අදාළ මෝටර් රථය/වෑන් රථය/ලොරි රථය අප ආයතනය වෙත දිනපතා/සතිපතා/මාසික ගෙවීම් ආකාරයට කුලී පදනම මත ලබාදීම සදහා කැමැත්ත මෙම රථයේ ලියාපදිංචි හිමිකරු/ඇටෝනි බලපත්‍ර හිමිකරු අප ආයතයන වෙත ලිඛිතව ලබාදිය යුතුය.
 

2.ගිවිසුමේ වලංගුභාවය,ගිවිසුම අවසන් කිරීම,ගිවිසුම වෙනස් කිරීම පිළිබද එකගතාවන් පිලිබදව
 
2.1.ගිවිසුමේ වලංගුභාවය 
ගිවිසුම්ගත දිනයේ සිට දින 365ක් මෙම ගිවිසුම වලංගු වන අතර පළමු දින 365ක කාලය නිමවීමෙන් පසු ඉදිරියට ගිවිසුම් ගතවනවාද නැතිද යන්න පිළිබද දෙපාර්ශවය එකගතාවයකට පැමිණිය යුතුය.
 
2.2.ගිවිසුම අවසන් කිරීම
මෙම ගිවිසුම අවසන් කිරීමට අවශ්‍ය වුවහොත් එබැව් රථයේ හිමිකාරිත්වය අප වෙත ඉල්ලීම් ලිපියක් මගින් ඉදිරිපත් කල යුතුය.අප එ පිලිබද වැඩකරන දින5ක් ඇතුලත සලකාබලා ඔබට දැනුම්දීමක් සිදුකරනු ලබයි. සේවය අසතුටුදායක නම් හෝ මෙම කොන්තරාත් ගිවිසුම කලින් අවසන් කිරිමට අවශ්‍ය නම් දින 03කට
පෙර දැනුම් දීමකින් ගිවිසුම අවසන් කිරීෙම් බලයඅප ආයතනය මෙයින් බලය ලබාගනී.
සතුය.
 
2.3.ගිවිසුම වෙනස් කිරීම
මෙම ගිවිසුමේ යම් වෙනසක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් එබැව් රථයේ හිමිකාරිත්වය අප වෙත ඉල්ලීම් ලිපියක් මගින් ඉදිරිපත් කල යුතුය.අප එ පිලිබද වැඩකරන දින3ක් ඇතුලත සලකාබලා ඔබට දැනුම්දීමක් සිදුකරනු ලබයි.ඕනෑම අවස්ථාවක මෙම ගිවිසුමේ අඩංගු කරුණු වෙනස් කිරීමේ බලය මෙමගින් අප ආයතය ලබාගනී.
 

3.රථය අප ආයතනය වෙත ලබාදීම,ගෙවීම් සිදුකරන ආකාරය
 
3.1.රථය අප ආයතනය වෙත ලබාදීම
ගිවිසුම් ගතවන අවස්ථාවේ ඔබගේ රථය අප ආයතනය වෙත  ලබාදිය යුතු අතර එම අවස්ථාවේදී ලබාගනු ලබන චයරුප එම අවස්ථාවේම මුද්‍රිතව ඔබ වෙත පෙන්වනු ලබන අතර ඔබගේ රථය අප වෙත ලබාදෙන අවස්ථාවේ තිබෙනා තත්ත්වය සහතික කරගැනීම සදහා එම චයරුප වලට ඔබගේ අත්සන් ලබාගනු ඇත.
 
3.2ගෙවීම් සිදුකරන ආකාරය
ඉහත ලියාපදිංචි අංක දරණ අදාළ මෝටර් රථය/වෑන් රථය/ලොරි රථය අප ආයතනය දිනපතා/සතිපතා/මාසික ගෙවීම් ක්‍රමය යටතේ අප ආයතනය මෙමගින් ගිවිසුම් ගතවන අතර ඉදිරි ගෙවීම් පිලිබදව මෙම ගිවිසුමේ ඉදිරියට විස්තරාත්මකව සදහන් කොට ඇත.


4.අප ආයතනය යටතේ තිබියදී සිදුවන අනතුරු පිලිබදව සහ නැවත රථය අළුත්වැඩියාව පිළිබද නියමයන් සහ කොන්දේසි
 
4.1.අනතුරට පත් වූ විට
ඔබගේ රථය අප ආයතනය වෙත ලබාදී ඇති අවස්ථාවක ඔබගේ රථය අප ආයතනයේ සේවකයෙකු හෝ අපගේ පාරිභෝගිකයෙකු අතින් අනතුරකට පත් වුවහොත් එහි වගකීම සම්පුර්ණයෙන්ම අප ආයතනය ගන්නා අතර අනතුර සිදුවී පැය 1 ඇතුළත ඔබවෙත දැනුම් දෙනු ලැබේ.
 
4.2.රක්ෂණාවරණය
රථය අනතුරට පත් අවස්ථාවේ අප රක්ෂණ සමාගම වෙතද දැනුම් දෙනු ලබන අතර එහිදී රක්ෂණ සමාගම මගින් වන්දි මුදලක් ඔබ රථයට ලබාදීමට එකගවුවහොත් එම රක්ෂණ මුදල අප නැවත ඔබගේ රථය අළුත්වැඩියා කරන අවස්ථාවේ එම මුදල ඔබගෙන් අපවෙත ලබාගැනීමේ බලය මෙම ගිවිසුම මගින් අප ලබාගනී.එම මුදල අප වෙත ගෙවීම් කර එම මුදලට අදාළ රිසිට් පතක් ඔබ අප ආයතනයෙන් ලබාගත යුතුය.
 
4.3.අළුත් වැඩියාව සහ වන්දි මුදල්
අප ඔබගේ රථය නැවත අළුත්වැඩියා කොට පෙර තිබු තත්ත්වයට ඔබගේ රථය ඔබ වෙත නැවත ලබාදේ.
ඔබගේ රථය අළුත්වැඩියාව සදහා යන කාලය දින 03කට වඩා වැඩි නම් ඒ සදහා වන්දි මුදලක්ද,දින 30 කට වඩා වැඩිනම් වන්දි මුදලක් සහ අදාළ මස ලිසිං වාරිකය ඔබ වෙත නොමිළයේ ලබාදේ.
 
4.4.අනතුරු වගකීමෙන් බැහැර වීම
මෙම රථය මෙහි ලියාපදිංචි හිමිකරු/ඇටෝනි බලපත්‍ර හිමිකරු භාරයේ තිබියදී අපගේ යම් පාරිභෝගිකයෙක් වෙත අප ආයතනනෙහි සේවාවක් ලබාදෙමින් සිටියදී අනතුරට පත් වුවහොත් එහි කිසිදු වගකීමක් අප ආයතනය භාර නොගනී.


5.රථයේ ඇතිවන තාක්ෂණික ගැටළු,ඉන්දන,සේවා වාර,ටයර්,සහ ගෙවෙනා අනෙකුත් උපාංග සදහා වන කොන්දේසි සහ නියමයන්
 
 මෙම රථය අප ආයතනය වෙත ලබාගත් අවස්ථාවේ සිට; ඉන්ධන වියදම්, රියැදුරු සඳහා වන ගෙවීම් සහ
මෙම ගිවිසුම වලංගු වන කාල සීමාව තුළ දී  ලිහිසි තෙල්, වාහන අමතර කොටස් හා ටයර් ආදී
වෙනත් අතිරේක වියදම්(ගෙවෙනා අනෙකුත් උපාංග සදහා) (රු.10,000.00 ට අඩු අතිරේක වියදම්) අප ආයතනය දරණු ලබයි.

මෙම ගිවිසුම වලංගු වන කාල සීමාව තුළ දී  ලිහිසි තෙල්, වාහන අමතර කොටස් හා ටයර් ආදී

අදාළ අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන්වල සිදුවන වැඩිවීම් වලදී කිසිදු අමතර ගෙවීමක්

සිදුකරනු නොලැෙබ්.

 
5.1.ඉන්දන
ඔබ රථය අපවෙත ලබාදෙන අවස්ථාවේ රථයෙහි ඉන්දන සම්පුර්ණ කර ලබාදිය යුතු අතර එසේ කිරීමට ඔබ අපොහොසත් වන අවස්ථාවන්හිදී අප ඔබ රථයෙහි ඉන්දන සම්පුර්ණ කොට එම මුදල ඉදිරියෙදී ඔබට ලබාදීමට ඇති මුදලින් පියවාගනු ඇත.තවද අප ඔබ වෙත නැවත රථය ලබාදෙන අවස්ථාවේදී නැවත ඔබගේ රථයේ ඉන්දන සම්පුර්ණ කර ලබාදේ.

5.2.සේවා වාර,ටයර් වන කොන්දේසි සහ නියමයන්
ඔබ අප වෙත රථය ලබාදෙන අවස්ථාවේ නියමිත සේවා වාරය සිදුකර අළුත් ටයර් දමා අපවෙත ලබාදෙන්නේ නම්(ලිඛිතව බිල්පත් ඉදිරිපත් කල යුතුය) ඉන්පසු අප ධාවනය කරන කාල සිමාවේ නොමිලයේ සේවා වාරය සහ ටයර් ආයතනය මගින් සිදුකරනු ලබයි(මාසික කුලී පදනම යටතේ ලබාගන්නා වාහන සදහා පමණි.).
 
5.3.වායු සමනය
වෑන් රථ වායු සමනය (AC)/ ද්විත්ව වායු සමනය (Dual AC) කර තිබිය යුතු අතර, ආසන 06 – 11 අතර
විය යුතු ය. අනෙකුත් රථ, ආසන 04කින් සමන්විත විය යුතු අතර, වායු සමනය (AC)
කර තිබිය යුතු ය.
 

6.ගිවිසුමේ කොන්දේසි
1.  මෙම රථයේ පූර්ණ රක්ෂණාවරණ සහිත වාහනක් වන බවත්.එම රක්ෂණාවරණෙයන්, මෙම රථයේ ගමන් කරනු ලබන මඟීන් ද පුර්ණ වශෙයන් ආවරණය වී තිබිය යුතුය.
(i) වාහනයේ තිරිංග සහ ටයර් හොඳ තත්ත්වයේ තිබිය යුතුය.
(ii) සියලුම මගීන් ද ආවරණ වන පරිදි වාහනය සදහා පුර්ණ රක්ෂණාවරණයක් තිබිය යුතුය.
(iii) වාහනයේ මයිෙලෝ මීටරය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු ය.
(iv) වාහනයේ සඳහන් කර ඇති මගීන් ගණනට පහසුෙවන් අසුන්ෙගන යාමට හැකි විය යුතුය.
(v) වාහනවල ආසන මනා තත්වෙයන් තිබිය යුතුය (කැඩී ඇති හෝ අපිරිසිදු ඒවා නොවිය යුතුය.)
(vi) වාහන දිනපතා පවිත්‍ර කර අප වෙත ලබාදිය යුතුය.
(vi) වාහනවල වායු සමනය නිසි ආකාරව කියා කළ යුතුය.
(vii)හැකිතාක් දුරට සෑම දිනකම එකම වාහනයක්/වාහන සැපයීම කළ යුතු අතර, එම වාහනය/වාහන ධාවනය කළ නොහැකි තත්ත්වයට පත් වුවෙහොත්, වහාම ඒවෙනුවට වෙනත් සමාන වාහනයක් ලබා දිය යුතුය.
(viii) මෝටර් රථ ඉංගීසි අකුරුවලින් පටන් ගන්නා අංකයක් සහිත විය යුතුය.වෑන් රථ 252-
xxxx හෝ ඉන් ඉහළ ලියාපදිංචි අංක සහිත ඒවා විය යුතුය. 
 

7.දිනපතා ගෙවීම් කරන ආකාරයට ඔබ මෙම රථය අප ආයතනය වෙත ලබාදෙන්නේ නම් පහත කොන්දේසි,නියමයන් සහ මුදල් ඔබවෙත ලබාදෙන ආකාරයන්ට ඔබ එකග විය යුතුය.
 
7.1.දිනය/ගෙවීම්
සෑම දිනකම ඔබ රථය අප ආයතනය වෙත ලබාදෙන අවස්ථාවේ සිට පැය 24 ක කාලයක් එක් දිනයක් ලෙස සලකනු ලැබේ.
එම සෑම එක් දිනයක්(පැය24)කාලයකට ඔබගේ රථය අනුව ගෙවනු ලබන මුදල වෙනස් වේ.
ඔබගේ රථයට අදාළ ගෙවීම සම්බන්ධව මෙම ගිවිසුමේ ඉදිරියේ සදහන් වෙනම කොලයක් ඇත.

7.2.දින කිහිපයක් සදහා ඇනවුමක් ගෙවීමේදී
එකවර දින කිහිපයක් සදහා යම් පාරිභෝගිකයෙකු ඔබගේ රථය ඇනවුම් කළහොත් එම ඇනවුම් කල දින ගණනට අදාළ මුදලින් කොටසක් ඔබට ඇණවුම අප සම්පුර්ණ කිරීමට ඔබගේ මෝටර් රථය අප බාර ගැනීමෙන් පසු පැය 24ක් ඇතුලත ලබාගත හැකිය.ඇනවුම අවසාන දිනයට අපවෙත ඔබගේ රථය ඇනවුම් කල පුද්ගලයා රථය ලබාදී එම ඇනවුම සම්පුර්ණයෙන් අවසන් කල පසු අප ඔබ වෙත ඒ බව දැනුම්දී ඔබට අදාල මුදල ඔබගේ ගිණුමට යොමු කරනු ලබයි.

7.3.එක් දිනක් සදහා ඇනවුමක් ගෙවීමේදී
එක් දිනක් සදහා යම් පාරිභෝගිකයෙකු ඔබගේ රථය කුලියට ගතහොත් ඔබගේ රථයට එදිනට අදාල මුදල රථය ඔබ අප වෙත ලබාදී පැය 28ක් ඇතුලත ඔබගේ මුදල ඔබගේ බැංකු ගිණුමට යොමු කරනු ලබයි.

7.4.වාහනය ප්‍රදර්ශනය කිරීම සහ අපගේ ආයතනය/ශාඛාව වෙත ගෙන්වීම.
අප ඔබගේ රථය ගෙන්වීමට ඇමතුමක් ලබාදුනහොත් ඔබ අප ඇමතුම ලබාදී හැකි ඉක්මනින් රථය අපගේ කාර්යාලයට ගෙනැවිත් භාරදීය යුතුය.
තවද ඔබගේ රථය අප කාර්යාලය වෙත ලබාදුන් පසු වාහනයේ පුර්ණ වගකීම අප ආයතනය දරණු ලබයි.
ඔබට වැඩි මුදලක් සොයාගැනීමට අවශ්‍යනම් හැකි සෑම අවස්ථාවකම ඔබගේ රථය අප ආයතනයට බාරදීම සිදුකල යුතුය.අපවෙත ඔබගේ රථය ලබාදීමේදී ඔබගේ රථයේ ධාවනය කර ඇති දුර ප්‍රමාණය සදහන් මීටරය පරික්ෂා කර බලා අප ඔබගේ රථය ලබාගන්න අවස්ථාවේදී ඔබ වෙත ලබාදෙන රිසිට් පතේ සදහන් කල යුතුය.තවද අප ඔබගේ රථය ඔබවෙත ලබාදීමේදී ඔබගේ රථයට අදාළ මුදල බැංකු ගත කර නොතිබුණහොත් ඊට අදාළ මුදල ඔබට අපගෙන් ලබාගත හැකි අතර ඔබගේ රථය සහ මුදල් ලබාගැනීමේදී අප ඔබට පෙරදී ලබාදුන් රිසිට් පත නැවත අප වෙත ලබාදිය යුතුය.


8.මාසික ගෙවීම් කරන ආකාරයට ඔබ මෙම රථය අප ආයතනය වෙත ලබාදෙන්නේ නම් පහත කොන්දේසි,නියමයන් සහ මුදල් ඔබවෙත ලබාදෙන ආකාරයන්ට ඔබ එකග විය යුතුය.
 
8.1.මාසික/ගෙවීම්
සෑම දිනකම ඔබ රථය අප ආයතනය වෙත ලබාදෙන අවස්ථාවේ සිට දින 30 ක කාලයක් එක්මසක් ලෙස සලකනු ලැබේ.
එම සෑම දින 30 (මාස01)කාලයකට ඔබගේ රථය අනුව ගෙවනු ලබන මුදල වෙනස් වේ.
ඔබගේ රථයට අදාළ ගෙවීම සම්බන්ධව මෙම ගිවිසුමේ ඉදිරියේ සදහන් වෙනම කොලයක් ඇත.
 
8.2.ඔබගේ මාසික වාරිකය ඔබ වෙත ගෙවීමේදී
ඔබ අප වෙත ලබාදුන් දින සිට දින 14ක කාලයක් තුලදී ඔබට මාසික වරිකයෙන් 50% මුදලක් අත්තිකාරමක් ලෙස ලබාගත හැකිය.යම් හෙයකින් ඔබ අපවෙත වහනය ලබාදුන් දින සිට දින 30කට අඩු කාලයකදී මෝටර් රථය ඔබගේ පුද්ගලික අවශ්‍යතාවයකට හෝ අප ආයතනයෙන් ඉවත් කරගන්නේනම් අදාල  දින ගණනට අදාළ මුදල අප ඔබ වෙත රථය ලබාදී පැය 24ක් ඇතුලත ලබාගත හැකිය. අප ඔබ වෙත ඒ බව දැනුම්දී ඔබට අදාල මුදල ඔබගේ ගිණුමට යොමු කරනු ලබයි.තවද ඔබගේ රථයට අදාළ මුදල ඔබ රථය අපවෙත ලබාදී දින 30 ඇතුලත ඔබගේ මුදල බැංකු ගත කර නොතිබුණහොත් ඊට අදාළ මුදල ඔබට අපගෙන් ලබාගත හැකි අතර ඔබගේ රථය සහ මුදල් ලබාගැනීමේදී අප ඔබට පෙරදී ලබාදුන් රිසිට් පත නැවත අප වෙත ලබාදිය යුතුය.
 
8.3.වාහනය ප්‍රදර්ශනය කිරීම සහ අපගේ ආයතනය/ශාඛාව වෙත ගෙන්වීම.
ඔබගේ රථය අප කාර්යාලය වෙත ලබාදුන් පසු වාහනයේ පුර්ණ වගකීම අප ආයතනය දරණු ලබයි.
ඔබට වැඩි මුදලක් සොයාගැනීමට අවශ්‍යනම් හැකි සෑම අවස්ථාවකම ඔබගේ රථය අප ආයතනයට බාරදීම සිදුකල යුතුය.අපවෙත ඔබගේ රථය ලබාදීමේදී ඔබගේ රථයේ ධාවනය කර ඇති දුර ප්‍රමාණය සදහන් මීටරය පරික්ෂා කර බලා අප ඔබගේ රථය ලබාගන්න අවස්ථාවේදී ඔබ වෙත ලබාදෙන රිසිට් පතේ සදහන් කල යුතුය.
 


 
වන මා ඉහත ගිවිසුම හොදින් කියවා හොදින් තේරුම් ගත් අතර ඉහත කොන්දේසි සහ නියමයන්ට යටත්ව මා  මාගේ රථය ආයතනය වෙත ලබාදෙන බව මෙයින් සදහන් කරමි.








අත්සන(1)(රථයේ හිමිකාර පාර්ශවය)
 

අත්සන(2)(සාක්ෂි)



අත්සන(3) (ආයතනයේ බලලත් නිලධාරී)
 

THE BEST NO.#01 IN UVA - UVA APE CABS-UVA
 
 
 
Important Information:
 
 
For information purposes only, to improve your experience on our website. We have tried our utmost to ensure everything is correct.If you need any of our specific information, please contact our friendly customer service team.
 
 
 
 
 
වැදගත් තොරතුරු:
 
අපගේ වෙබ් අඩවියේ ඔබේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා තොරතුරු අරමුණු සඳහා පමණි. සෑම දෙයක්ම නිවැරදිව තහවුරු කිරීම සඳහා අපි අපගේ උපරිම උත්සාහය දරා ඇත. අපගේ විශේෂිත තොරතුරු කිසිවක් අවශ්ය නම් කරුණාකර අපගේ මිත්‍රශීලි පාරිභෝගික සේවා කණ්ඩායම අමතන්න



 

Dikarawa,Badulla Road,Bandarawela
0779441209